අද 09 / 03 / 2019 අකුර ව්‍යාපෘතිය කරන අපිට සුවිශේෂී දවසක් වුණා. මාස තුනක පරිශ්රමය අද දලුලන්නට හැකි විය. මෙවර අපි අකුර 3.0 ව්‍යාපෘතිය සදහා තෝරගනු ලැබූයේ ර/ගගුල්විටිය විද්‍යලයයි.
අද අපි #BigHeartsFoundation එක වෙනුවෙන් විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරු දැරියන් සදහා අවශ්‍ය ශිෂ්‍යත්ව පොත් කට්ටල 11 ප්රදානය කල අතර පුස්තකාලයට අවශ්‍ය පොත්පත් 50 ක් පුස්තකාලය 27.0 ව්‍යාපෘතිය හා එක්ව පරිත්‍යාග කරන ලදී. තවද තුරු සෙවන 4.0 ව්‍යාපෘතිය හා එක්ව රුක් රෝපන වැඩසටහනක් ද මීට සමගාවීව ක්‍රියත්මක කරන ලදී. එමගින් ඔසුපැල සහ පළතුරු පැල 30ක් පාසල් භූමියට දායාද කරන ලදී.
මෙහිදී විශේෂ ස්තූතියක් #BigHeartsFoundation බිග් හාට්ස් ෆවුන්ඩේශන් හි සියළුම සමාජිකයින් හට සහ සියළුම පරිත්‍යාගශීලීන් හට පිරිනැමිය යුතුය. මෙම වැඩසටහන ඉතා සාර්ථකව කර ගැනීමට ඔවුන් දිවා රෑ නොබලා විශේෂ කැප කිරීමක් සිදුකරන ලදි. මීට අමතරව ර/ගගුල්විටිය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය ද විශේෂ සිතූතියක් හිමිවිය යුතුය. ඔවුන් පාසලේ ළමුන් සහ දෙමාපියන් සම්බන්ධ කරගෙන මෙම කාර්ය සාර්ථක කර ගැනීමට මහත් වෙහෙස මහන්සියක් දරා ඇත.
නම් වශයෙන් සදහන් කල නොහැකි විශාල පිරිසක් මෙම සත් කාර්ය සදහා අප හා එක්ව කටයුතු කරන ලදී. ඒ සියලුදෙනාට අකුර ව්‍යාපෘතිය වෙනුවෙන් අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙමු.
ඔබ සියලුදෙනාගේ සහයෝගය ඉදිරියටත් මෙලෙසම බලාපොරොත්තු වෙමු. අපගේ අකුර 3.0 ව්‍යපෘතියේ 2019 වසරේ අරමුණ වනුයේ ර/ගගුල්විටිය විද්‍යලය සියළු පහසුකම් වලින් පිරි පාසලක් බවට පත්කිරීමට අවශ්‍ය සියළුම දේ අකුර 3.0 හරහා ලබාදිම තුලින් පාසලේ ඉගෙනුම ලබන සියළුම සිසුන්ට ඉතා ඉහලින් ඉගෙනීමට අවස්ථාවක් ලබාදීමයි.
මේ වෑයම අදට වඩා හොද හෙටක් අනාගත පරපුරට හිමිකර දීමයි.