සිරීපාදය කියන්නේ ලෝකවාසි බොදුනුවන්ගේ ඉහලම ගරුබුහුමනට ලක්වුන පුදබිමක්, ඒ වගේම ජෙව විවිධත්වය අතින් බොහෝම ඉහල තැනක්. ඒ පුදබිම වන්දනා කරන්න ගිය ඔයා වගේම අනිත් අයත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා ගෙනිච්ච කඩදාසි, කෑම වගේ දිරා යන දේවල් විතරක් නෙවෙයි නොදිරන ප්ලස්ටික්, පොලිතීන් වගේ දේවල් ඒ පරිසරයට විසිකරලා ඇවිත්. ඒවා එහෙම තියෙන්න හැරියොත් සිරිපාද පරිසර පද්ධතියට ලොකූ හානියක් වෙනවා.
ඒ නිසා අපි ඔන්න Green Map Sri Lanka සමූහයේ අපි WasteBusters Sri Lanka සමූහය එක්ක එකතු වෙල මේපාට සිරිපාද වන්දනා සමය අවසන් වුනාට පස්සෙ සිරිපාදේ තියන ඔයලා දාලා ආපු කුණු එකතු කරන්න යන්න මුලින් හිතන් හිටියේ මැයි මාසේ 27 – 28 සති අන්තයේ. නමුත් තිබ්බ අයහපත් කාලගුණතත්වය නිසා අපි ඒක ජූලි මාසේ අන්තිමට කල්දැම්මා. කැමති අයට එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි FaceBook Event එකේ සටහනක් දාලා තිබ්බ එකට ගොඩක් අය එන්න කැමති වෙලා හිටියාට විවිධ භාදක නිසා එකතුවෙන්න පුලුවන් උනෙ 9 දෙනාටයි. අපි 9 දෙනා කොලබින් රෑ 8 බදුලු කෝච්චියේ පිටත් උනේ ලොකූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. එදා හම්බ උන අපි 9 දෙනා අතරට හසන්ක මල්ලි හම්බන්තොට රන්න ඉදලා ආවේ මහදවාල් ඉදලා. එහෙම කැපකිරීමක් කරගෙන ආපු කොල්ලො ටික ගැන මම ගොඩක් විශ්වාසෙන් හිටියේ අපිට අපේ වැඩේ සාර්ථකව කරගන්න පුලුවන් වෙයි කියලා.
ඔන්න කොලබින් පිටත් වෙච්ච අපේ සෙට් එක.
ඒකට කොටගලින් හේරත් මහත්මයා සහ ඔහුගේ රියදුරු මහත්මයත් එකතු වුනා. හේරත් මහත්මයා අපිට කෑම බීම, ගමන් පහසුමක් විතරක් නෙවෙයි අපිත් එක්ක සිරිපාදේ කුණු එකතු කරන වැඩේටත් එකතු වුනා. අපි 11 දෙනා එක්ක අපි පිටත් වුනා අපේ අපේ වැඩේට සිරිපාද මළුවට.
මේ ඉන්නේ අපිට ගොඩක් උදව් කරපු හේරත් මහත්මයා තමයි.
අපි කෝච්චියේ යන ගමන් පොඩි නින්දක් දාගෙන ගියේ සිකුරාදා වැඩ කරලා තිබ්බ මහන්සිය නැතිවෙන්නත් එක්ක. අපි හැටන් වලින් බහිද්දි රෑ 2 යි. හේරත් මහත්තයා අපිට කෑමත් හදාගෙන හැටන් වලින් අපිව අරන් නල්ල තන්නියට එක්කන් ගියා එයගේ වෑන් එකේ. අපි නල්ල තන්නිය පොලිසියට ගිහින් අපි යන වැඩේ ගැන දැනුවත් කරලා අපි වාහනය නවත්තන්න තැනක් හොයලා වෑන් එකෙන් බැස්සා විතරයි ධාරානිපාත වැස්සක් වහින්න පටන් ගත්තා. වැස්සේම ලැහැස්තිවෙලා බෑග් හදාගෙන කුඩ රේන්කෝට් දාගෙන අපි කලුවරේම උදේ 4ට පිටත් උනා සිරිපාද මලුවට.
උදේ 4ට පටන් ගත්ත ධාරානිපාත වැස්ස නතර වුනේ සිරිපාද මළුවට මීටර් 50ක් විතර පහලදි උදේ 8ට විතර. එතකන් අපි පැය 3.30ක් මහ වැස්සේ තෙමීගෙන නල්ලතන්නිය ඉදලා සිරිපාද මළුවට එනකන් ආවේ සීතලේ ගැහි ගැහී. ආරන්චි හැටියට ආවාරේ වැහැපු ලොකුම වැස්ස කියලයි ආරන්චිය.
බලන්නකෝ අපි කොච්චර වැස්සේ තෙමුනාද කියලා.
එතනින් එහාට කතාව මම කියන්නේ නෑ. මේ රූප වලින් ඔයාලට පෙනේවි අපි කරපුදේ.
මේ ගිය 11 දෙනා එකතුවෙලා කිලෝ 350කට වැඩි කුණු එකතු කරගෙන පහලට ගෙනාවා. ඒ ඔක්කොම ඔයාලා සිරිපාදේ ගිහින් දාලා ආපූ ඒවා තමයි.
ඔයාලගෙන් පුන්චි ඉල්ලීමක් කරන්න තියනවා. ඒ ඔයාල සිරිපාදේ විතරන් නෙවෙයි මොන තැනක ගියත්, ඔයාලා ගෙනියන දේ පුලුවන් තරම් ගෙදර අරන් එන්න බලන්න. කුණු අදාල කුණු භාජන වලට විතරක් දාන්න. පුලුවන් නම් අනිත් අය දාලා ආපු කුණු පුලුවන් හැටියට පහලට අරන් ඇවිත් කුණු භාජනවලට දාලා මේ පරිසරය අනාගත පරපුරටත් රැකලා දෙන්න මහන්සි වෙන්න.
මේ වැඩේට සහභාගී වෙච්ච Green Map Sri Lanka & WasteBusters මගේ යාලුවෝ ඔක්කොටමත්, මුදලින් සහයෝගයක් දුන් DPJH ආයතනයේ අධිපතිතුමාත්, ඩෙල්මී අක්කා, චමිල් අයියා, Big Hearts Foundation අපේ සියළු සාමාජිකත්වයටත් බොහෝම ස්තුති කරන්න කැමතියි. අපි තවත් වතාවක් මේ විදිහටම කුණු එකතු කරන්න යන්න ලෑස්තියි සිරීපාදේ. ඒ වගේම අපි අනෙක් ආගමික සහ පාරිසරික වැදගත්කමකින් යුත් තැන් මේවගේම පිරිසිදු කරලා අනාගත පරපුර වෙනුවෙන් සුරකින්න Big Hearts Foundation & Green Map Sri Lanka අපි උත්සාහ කරනවා.
ලොකු සතුටක් තියෙන්නේ, ඊලඟ සැරේ එකට එන්නම්..